දේශීය

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

(UTV | කළුතර) – කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 65 දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කළුතර බන්ධනාගාර ගත කෙරෙන නවක රිමාන්ඩ් පුද්ගලයන්ට පිරිමි රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් නිරෝධායනය ට ලක් කළ යුතු නිසා කාන්තා අංශයේ රැඳවියන් මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මාරුකර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා අද (26) සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පිරිමි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන බැවින් එම පිරිස් වලට බන්ධනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් කාන්තා රැඳවියන් මෙසේ මාරුකර යැවීමට කටයුතු කර තිබේ.

Related posts

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් අද කැඳවයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුම්

Editor O

සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment