Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුම්

ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ හමුවක් අමතමින් ලේකම්වරිය මේ බව පැවසුවාය

ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රාජ්‍ය ආයතන 113ක් හඳුනාගෙන ඇති බව ද ලේකම්වරිය ප්‍රකාශ කරයි. වර්තමාන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට සිය හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්කර ගැනීමට එම ආයතන පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව ද ලේකම්වරිය සඳහන් කළාය. .

තව සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ජනාධිපතිතුමාට සහ ඇමතිවරයාට යොමු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඉහළින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව බව ද ලේකම්වරිය ප්‍රකාශ කළාය.

Related posts

Rocco Morabito: Italian mafia boss escapes from Uruguayan prison

Mohamed Dilsad

மெத்சிறி செவன இன்று பொதுமக்களிடம் கையளிப்பு…

Mohamed Dilsad

கண்டி தலதா மாளிகை மற்றும் அனுராதபுரம் ஸ்ரீ மஹா போதி ஆகியவற்றுக்கு பலத்த பாதுகாப்பு

Mohamed Dilsad

Leave a Comment