දේශීය

ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි ,සෙසු නිලයින්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර ඇත.   

දැනට නිවාඩු මත සිටින නීලධාරි,සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු වෙයි.

මෙලෙස නිවාඩු මත සිටින නිලධාරි ,සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළයුතු බවත් දැනුම් දෙයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ  නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දිනයේ ගනු ලැබූ බවයි.

Related posts

අවසන් රෝගීයා දක්වා වියදම් කරනවා – ඩඩ්ලි කියයි

Mohamed Dilsad

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ පොලිස් නිලධාරියාට ඇප

Mohamed Dilsad

Leave a Comment