දේශීයප්‍රමුඛ පුවත 1

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

(UTV | කෝවිඩ් -19) – වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ සෙබලුන් 29 කට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර තිබේ.

ඒ අනුව අද (23) දිනය තුළ පමණක් හඳුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ යයි.

මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙකුට ඊයේ(22) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සියලුම නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළේය.

එම ප්‍රතිඵල අනුව පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.

Related posts

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

Mohamed Dilsad

“වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්”

Mohamed Dilsad

Leave a Comment