දේශීය

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

(UTV| කොවිඩ් 19) – පිළියන්දල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයා සමග සමීපව කටයුතු කළ පිළියන්දල පොලීසියේ නිළධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම පුද්ගලයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු හා කැස්බෑව මාර්ග බාධකයේ දී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ට තම නිවෙස්වලදීම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බළධාරීන් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මෙම මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන් 23 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Related posts

බීවයිඩී වාහන ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

බහාලුම් නිශ්කාශන ප්‍රමාදය වළැක්වීමට, වත්මන් ආණ්ඩුවට දැනුම නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment