Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් නිශ්කාශන ප්‍රමාදය වළැක්වීමට, වත්මන් ආණ්ඩුවට දැනුම නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බහාලුම් නිෂ්කාශනය අඩපණ වීම නිසා තදබදයක් ඇතිවී වැරදි කටයුත්තක් සිදු වුණ බවත් එහි දී ආනයනික බහලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් වැදුණු බහලුම් පවා රාජ්‍ය උපදෙස් පරිදි ඉවක් බවක් නැතිව නිදහස් කර ඇති බවත් රේගුවේම වෘත්තිය සමිති මේවා ගැන ප්‍රශ්න කරමින් මේ බහලුම්වල තිබුණ දේවල් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

මේ අවස්ථාවේ රජය මේ බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව පවසන බවත් රජයට මේවා ඇතුළේ නීත්‍යානුකුල දේවල් නැහැයි කියා කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ බහලුම්වල ආයුධ, රත්රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් නැ කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ක්‍රියාවලියෙන් රටට හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම කිසිම පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් මේවා ස්කෑන් කර හෝ නැති රජය වගකීම බාර ගන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවමත් බහලුම් ප්‍රවාහනයේ ගැටලුවලට විසදුම් නොමැති බවත් රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් මේ විෂයය ගැන රජයට දැනුමක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේවාට රජයෙන් උත්තර අවශ්‍ය බවත් මේවා මඩ නොවන බවත්ය.

මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් මේවා නිදහස් කරන්න නියෝග දුන්න අය ගැන අනාවරණයක් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කෙරේ

Mohamed Dilsad

ලංකා ඛනිජ වැලි සමාගමට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්

Mohamed Dilsad

Galle Face Entry Road closed due to protest

Mohamed Dilsad

Leave a Comment