දේශීය

තැපැල් සේවා කටයුතු හෙට සිට ඇරඹේ

(UTV | කොළඹ ) – තැපැල් දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ලබන බදාදා සිට තැපැල් බෙදීම් කටයුතු ආරම්භ වන බවයි.

රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තුරු තැපැල් භාණ්ඩ බෙදා හැරීම් ප්‍රමාද විය හැකියි.

එමෙන්ම ගුවන් ගමන් සහ නෞකා ගමනාගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුලු මගින් භාර ගැනීමක් සිදු නොවන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලිපි හා පාර්සල් කවුලු වෙත භාරදීමේදී මෙන්ම මහජන සේවා ඉටු කර ගැනීම සඳහා තැපැල් , උප තැපැල් කාර්යාල වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

අක්මීමන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment