දේශීය

අක්මීමන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

(UTV | අක්මීමන) –  අක්මීමන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී ප්‍රභාත් කහදූවආරච්චි මහතා තමන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව අද (16) පැවති අක්මීමන ප්‍රාදේශීය සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.

තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තේරීම්භාර නිලධාරියා වෙත යොමු කර ඇති බවද ඔහු එහිදී ප්‍රාදේශීය සභා රැස්වීමේ දී පැවසීය.

තමාට කකුල් දෙක දෙපැත්තේ තබාගෙන දේශපාලනය කිරීමට නොහැකි නිසා සෘජු තීරණයක් මත දේශපාලනය කිරීම සදහා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව
ඔහු සඳහන් කළේය.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙසත් මෙම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස අක්මීමන ප්‍රාදේශීය එ.ජ.නි. සන්ධනායේ මන්ත්‍රිවරු ප්‍රභාත් කහදුවආරච්චි මහතාගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රාදේශීය සභා රැස්වීම අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

Related posts

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක පහකට නව විශ්ව විද්‍යාල 5 ක්

Mohamed Dilsad

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment