විදෙස්

ඉන්දු – චීන දේශසීමාවේ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය සති කිහිපය පුරා දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා විය.

“උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින” බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කොට නැත.

මේ අතර AFP මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ දේශසීමාව ඔස්සේ පැමිණ සිය භටයන්ට පහර දීම සම්බධයෙන් චීනය ඉන්දියාවට චෝදනා කරන බවය.

ආසියාවේ බලවතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක දී පළමුවරට මෙවැනි මරණ වාර්තා වූයේ දශක කීපයකට පසුවයි.

Related posts

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

Mohamed Dilsad

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක්

Mohamed Dilsad

Leave a Comment