දේශීය

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

(UTV | රත්තොට) – රත්තොට පුස්සැල්ල සමෘද්ධි කාර්යාල පරිශ්‍රය තුළදී සමෘද්ධි නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පුස්සැල්ල සහ ගම්මඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු මෙලෙස අද දිනයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සමෘද්ධි සහන අයදුම්පත් සකස් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේ මෙම පහරදීම සිදුව තිබූ අතර , තුවාල ලැබූ සමෘද්ධි නිළධාරියා මේ වනවිට රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment