දේශීය

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

 

අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.

 

“ශ්‍රී ලංකා තුළ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් පිහිටා තිබෙනවා. ග්‍රාම නිලධාරී වසමක් සඳහා එක ග්‍රාම නිලධාරියෙක් ලෙස තනතුරු 14,022ක් අනුමත වී තිබෙනවා.

 

2023.06.30 වන දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යවරයා ලෙස තීරණයක් අරගෙන 2023.05.28 වන දින නිකුත් කළ අංක 2230 දරණ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය අනුව 2023.03.31 වන දිනට පැවති පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අන්තර් ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව ගැසට් නිවේදනය අනුව අයදුම්පත් ලැබී ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මස විභාගය පැවැත්වීමට නියමිතයි. පළමු සතියේ විභාගය පවත්වන බවට විභාග කොමසාරිස්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්ට දන්වා තිබෙනවා. මේ ඉල්ලුම්පත් කැඳවලා දැන් වසර දෙකක් වෙනවා. ඒ අනුව එම විභාගය පැවැත්වීමෙන් පත්වීම් දීමට සුදුසුකම් ලබනු ඇත.”

Related posts

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පහරදීමකින් පිරිසක් රෝහලට

Mohamed Dilsad

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

Mohamed Dilsad

අද යළි ඉන්ධන මිල සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment