දේශීය

පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට විදුලි බිඳ වැටීමක්

(UTV | පුත්තලම) – පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට පමණ විදුලි සැපයුම බිඳ වැටී තිබේ.

ඒ ඊයේ (15) එම දිස්ත්‍රික්කයේ ඇති වු තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.

එයින් පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම, වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක නිවාස 635ක් විනාශ විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමඟ සාකච්ඡා කොට විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර අද සවස වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බවයි.

Related posts

කියුබාව අඳුරේ : විදුලි සැපයුම බිඳවැටේ

Editor O

ප්‍රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

Mohamed Dilsad

Leave a Comment