දේශීය

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය දික්ඕවිට වරායට

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 පමණ දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදී.

පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ප්‍රවාහන කළ යාත්‍රාවෙහි සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු, ඒ හරහා ලබා ගත් අත්දැකීම් සහ දේශිය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී තවත් මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බවත් එයින් යම් මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංනානෞ සමුදුර නෞකාව දින 14 ක සාගරික මෙහෙයුමකට අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.

මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 281 ක් සහ මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 48ක් අත්අඩංගුවට පත්වූ අතර මෙහි වටිනාකම රුපියල් කෝටි 300 කට ආසන්න වෙයි.

Related posts

බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබාදීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ගෝඨාභයත් අද සිට සටනේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

Leave a Comment