දේශීය

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 113 ක පිරිසක් නිරෝධායනයට යොමුකරයි

(UTV| COVID-19) – පසුගියදා ජා- ඇළ සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා වෛරස් ආසාධිතයන් සමග සමීපව සබඳතා පැවැත්වූ 113 ක පිරිසක් ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියේ ගුණසිංහපුර / වේල්ලවීදිය ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුකල සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස හඳුනාගනු ලැබූ බවයි.

මූලික සෞඛ්‍ය පරීක්ෂණවලින් අනතුරුව අදාළ පිරිස සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිත බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් හය දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment