විදෙස්

ඉන්දියාවම වසා දැමු සීමාවන් තවදුරටත් දීර්ඝ කෙරේ

(UTV | ඉන්දියාව) – කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ත ඉන්දියාවම වසා දමමින් පනවා තිබූ සීමාවන් මැයි 03 වනදා දක්වා දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කර තිබේ.

එරට අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීම පිළිබදව ලබන 20 වනදාට පසු තීරණයකට එළඹෙන බව ඔහු අද ජාතිය අමතමින්  සිටියේය.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් 19 රෝගීන් 10453ක් වාර්තා වන අතර වෛරසයෙන් එරට 358ක පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

ප්‍රංශයේ බස් රථ අනතුරකින් ලාංකිකයෙකුට තුවාල

Mohamed Dilsad

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 50,000 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment