දේශීය

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

(UTV | කොළඹ) –  අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගොස් පුහුණුව අවසන් කළ ශ්‍රී ලාංකික හෙද නිළධාරීන් 06 දෙනෙකු කොරෝනා වෛරස අවධානම හමුවේ එරටින් පිටවීමට නොහැකිව රැදී සිටින බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

මෙම පිරිස මාර්තු 25 වනදා පැමිණීමට නියමිතව තිබූ බවත් නමුත් බෙලරුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් එම පිරිසට නැවත පැමිණීමට නොහැකිව අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවූ බවත් මෙම සංගමය පවසයි.

එහි ලේකම් එච්. එස්. එම්. බී මැදිවත්ත මහතා පැවසුවේ අදාල හෙද නිළධාරින් 06 දෙනා මෙරටට ගෙන්වා ගැනීම සදහා මැදිහත් වන්නැයි තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවයි.

Related posts

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Editor O

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාරගත කරයි

Editor O

Leave a Comment