දේශීය

මත්පෙති තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ ) – හඳුනා නොගත් මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාතර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූතයන් යොදවා ඊයේ පස්වරුවේ වල්ගම ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එහිදී මත්පෙති 600ක් පමණ සොයා ගත් බව පොලීසිය පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම – දෙනිපිටිය සහ මාතර – කනත්තගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Related posts

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

Mohamed Dilsad

ලෙබනනයට පිටත්වීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි

Mohamed Dilsad

Leave a Comment