දේශීය

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා පරීක්ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබේ.

ගුවන් යානයෙන් රැගෙන එන පී.සී.ආර්. හෙවත් කොරෝනා වෛරස් ආසාදනය සහතික කළ හැකි පරීක්ෂණ කට්ටල තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ 30,000ක් පමණ වන බව සඳහන්.

චීන ප්‍රකෝටිපති අලිබාබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් – මා විසින් මෙම පරීක්ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා.

මීට අමතරව, ඉදිරි සතියේ තවත් පරීක්ෂණ කට්ටල 20,000 ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

Related posts

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අයට විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ගොඩනැගිල්ලකින් ඇද වැටී විදේශීය දරුවෙකු රෝහලේ

Mohamed Dilsad

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment