දේශීයප්‍රමුඛ පුවත 1

මහ සිකුරාදා දිනය අදයි

(UTV |කොළඹ ) – ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙලුසෙලම් නුවර කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසයේ දිවි පිදුවේ අද වැනි දිනකය.

එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති මෙහෙයන්ට සහභාගී වනු ඇති.

නමුත් මෙවර පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හේතුවෙන් දේව මෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙස කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් අද දිනයේ දේවස්ථානවල දේව මෙහෙයන් සිදු නොවේ.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය.

ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම සිහි කරමින් ලබන 12 වනදා කිතුණු බැතිමත්හු පාස්කු ඉරිදා උත්සවශ්‍රීයෙන් සමරති.

Related posts

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘත කෙරේ

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණ දැඩි තීරණයක

Mohamed Dilsad

අමාත්‍ය මංගල සහ අජිත් පී පෙරේරා අමාත්‍යධූරවලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment