දේශීයප්‍රමුඛ පුවත 1

මහ සිකුරාදා දිනය අදයි

(UTV |කොළඹ ) – ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙලුසෙලම් නුවර කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසයේ දිවි පිදුවේ අද වැනි දිනකය.

එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති මෙහෙයන්ට සහභාගී වනු ඇති.

නමුත් මෙවර පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හේතුවෙන් දේව මෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙස කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් අද දිනයේ දේවස්ථානවල දේව මෙහෙයන් සිදු නොවේ.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය.

ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම සිහි කරමින් ලබන 12 වනදා කිතුණු බැතිමත්හු පාස්කු ඉරිදා උත්සවශ්‍රීයෙන් සමරති.

Related posts

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්

Mohamed Dilsad

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගුණපාල රත්නසේකර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment