ගොසිප්

කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේ

(UTV |කොළඹ ) – විදෙස් රට වලදී කොරෝනා රෝගයට ගොදුරු වුවන් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් පවතින බව අනාවරණය වී තිබේ.

මේ බව බුද්ධි අංශ විසින් දැනුම් දී ඇති නිසා එවැනි  සැකකටයුතු යාත්‍රා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව කොළඹ සිට යාපනය දක්වා මුහුදු කලාප කේන්ද්‍ර කරගෙන ගුවන් හමුදා විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ ආකාරයට ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

එමෙන්ම නාවික හමුදා විසින් රට වටා මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර නිරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.

Related posts

තිරු නඩේෂන්ට අගමැති කිව්වදේ 

Mohamed Dilsad

මෛත‍්‍රී රකින්න හදිසි රැස්වීමක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ වෙයිද?

Mohamed Dilsad

Leave a Comment