ගොසිප්

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ වෙයිද?

(UTV |කොළඹ) – බස්නාහිර පළාතට යොදවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුව් ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද සහ හෙට දිනයේ ලැබෙන PCR පරීක්‍ෂණ වල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(31) උතුර පළාතේ සංචාරයකට එක්වු අවස්ථාවේදීය.

කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි යුද හමුදාපතිවරයා පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර තිබේ.

එමෙන්ම කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය එහිදී ඇගයීමකට ලක් කර ඇත.

 

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැම්මේ නාවික හමුදාව නොවේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිත යැයි සැක 49ක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

මා සහ සංගක්කාර අංක 3-4 ක‍්‍රීඩා කලේ එවකට ජ්‍යෙෂඨයන්ට වඩා දක්‍ෂතා තිබූ නිසා

Mohamed Dilsad

Leave a Comment