දේශීයව්‍යාපාරික

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කෙරේ

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඉදිිරිපත් නොවන ලෙස රජය සියලුම ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම සහ තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය යටතේ වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය මාස 3කට අත්හිටුවා ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

 

Related posts

කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

Editor O

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment