දේශීය

ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමේ තීරණයක්

(UTV| කොළඹ) – ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදි මෙම තීරණය ගෙන ඇත.

සහල් නිෂ්පාදන පවත්වාගෙන යෑම සඳහා වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවට ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුව ඇත.

Related posts

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

Leave a Comment