දේශීය

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතමින් රනිල් වික්‍රමසිංහගෙන් ලිපියක්

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වසංගතයට ගොඳුරු වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට නිරෝගී සුව පතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කර තිබේ.

කොරෝනා මර්ධනයට එරෙහිව බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක කරන සටනේදී ඉදිරිපෙළ සාමාජිකයෙක් වූ බොරිස් ජොන්සන් මහතා මෙලෙස රෝගීවිම දැඩි කණගාටුවට කරුණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හැකි ඉක්මනින් සුවය ලබා බ්‍රිතාන්‍ය වෙනුවෙන් යලි සේවය කිරීමට බොරිස් ජොන්සන් මහතාට හැකිවේවායි තමා අපේක්ෂා කරන බවයි.

Related posts

තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment