දේශීය

නිරෝධායනයට ලක්වන සියල්ලන්ම PCR පරීක්ෂණයට ලක් කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා රෝගය හදුනා ගන්නා විශේෂ පී සී ආර් පරීක්ෂණයට නිරෝධායන ක්‍රියාවලියට ලක්වන සියළු දෙනා ලක් කිරීමට තීරණය කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සියලු දෙනා දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා යාමට පෙර මෙම පරීක්ෂණයට ලක්කරන බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ ස්වයං නිරෝධායනයට ලක් කරන පිරිස් ද පී සී ආර් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

හෙලිකොප්ටර් අනතුරෙන් රෝහල්ගත කළ හමුදාවේ 06 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ප්‍රභාකරන් ජීවතුන් අතර බව පැවසීම විහිළු සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශය

Mohamed Dilsad

Leave a Comment