දේශීය

ප්‍රභාකරන් ජීවතුන් අතර බව පැවසීම විහිළු සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශය

LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

 

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ විහිළු සහගත බවය.

 

LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

 

පී. නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය.

 

කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සදහන් කළේය.

 

ඔහු පෙන්වා දෙන්නේ හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින් ද තහවුරු වී ඇති බවය.

 

හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව ද කර්නල් නලින් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

විදේශ සංචිතය පහළට

Editor O

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

Mohamed Dilsad

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment