දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

(UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 81,987 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව 14 ලක්ෂ 25,932 කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව තුන්ලක්ෂ එක්දහස් අටසිය විසි අටක්.

ඇමරිකාව තුළ ඊයේ දිනයේ පමණක් මරණ 1970 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරටින් මෙතෙක් වාර්තා වූ මුළු මරණ 12,813 ක්.

ප්‍රංශයේ දිනක් තුළ මරණ 1417ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 10,328 ක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ස්පාඤ්ඤයේ දිනක් තුළ මරණ 704 ක් වාර්තා වන අතර ඒ අනුව එහි සමස්ත මරණ සංඛ්‍යාව 14,045ක්. එක්ලක්ෂ 41,942ක් ආසාදිතයින් එරටින් වාර්තා වෙයි.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියේ මරණ 604 ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 17,127ක්. ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 35,586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් නව මරණ 786ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6159ක්.

Related posts

සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

ඇතැම් පිරිස්ගේ උත්සහය දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමයි

Mohamed Dilsad

Leave a Comment