දේශීය

ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය

(UTV |කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සිය ස්තූතිය පල කරයි.

ඒ කොරෝනා වසංගතය හමුවේ රට අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුව ඉන්දිය රජය විසින් මෙරටට අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක පරිත්‍යාග කිරීම සම්බන්ධයෙනි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ස්තූතිය පල කර ඇත.

එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් මෙම බෙහෙත් තොගය ඊයේ(07) දින ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

Related posts

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පුද්ගලයන් 17,717 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

“CEYPTCO ඉන්ධන මිල වැඩි කළොත් ප්‍රවාහන කර්මාන්තය කඩා වැටෙන ලකුණු”

Mohamed Dilsad

පොලීසියට ගල් ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment