කලා

No Time To Die මාස 7 කින් කල් දමයි

(UTV| කොළඹ) –  ගෝලීය තර්ජනයක් වී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන “ජේම්ස් බොන්ඩ්” සිනමාපටය එළිදැක්වීම මාස 7කින් කල් දැමීමට තීරණය කර තිබේ.

මේ වසරේ අප්‍රේල් මස 3 වනදා ප්‍රදර්ශනයට නියමිතව තිබූ No Time To Die සිනමාපටයේ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් දක්වා කල් දැමුවේ ගෝලීය සිනමා වෙළඳපොළ පිළිබඳව ගැඹුරු අධ්‍යනයකින් පසුව බව එහි නිෂ්පාදකවරුන් ප්‍රකාශ කර තිබේ.

සිනමාපටය එළිදැක්වීම කල් දමන මෙන් ජේම්ස් බොන්ඩ් රසික පිරිසක් විසින් ඉල්ලා දින කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව No Time To Die එළ‍ඹෙන නොවැම්බර් 25 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදයේත් නොවැම්බර් 12 වැනිදා සිට එක්සත් රාජධානියේත් ප්‍රදර්ශනය ඇරඹෙනු ඇත.

Related posts

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

Mohamed Dilsad

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අලුත් චිත්‍රපටයක් ලබන වසරේ

Mohamed Dilsad

Leave a Comment