දේශීය

ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 10යි.

(UTV |කොළඹ) – අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 10 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම මෙම කාලය තුළදී රෝගය වැළඳී සුවපත් වූ රෝගීන් 05 රෝහලින් පිටව ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 176කි.

එයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර 05 දෙනෙකු මරණයට පත්ව ඇත.

දැනට රෝගීන් 137 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොරෝනා බවට සැක සහිත රෝගීන් 257 දෙනකු රෝහල්ගතව සිටි.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කනි.

එම රෝගීන් ගණන 44 කි. ඊට අමතරව පුත්තලමෙන් 32ක්, කළුතර 25ක් ගම්පහ 13ක් ලෙස රෝගීන් ව්‍යාප්ත වී ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment