විදෙස්

කොරෝනා වෛරසය පැතිරීමේ දෙවන රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

(UTV |චීනය) – මේ වන විට චීනයේ හුබෙයි පළාතේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කර තිබේ .

කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවයි.

එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.

සිකුරාදා දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු පවසයි.

වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු සොයාගත් බව ද ඔවුහු සඳහන් කරයි.

ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්තේය.

Related posts

හිරු ආවරණ ක්‍රීම් තහනම් කල ලොව පළමු රට

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30 කට දිවි අහිමියි

Mohamed Dilsad

Leave a Comment