දේශීය

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

(UTV |කොළඹ )  – කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මරදාන ප‍්‍රදේශයෙන් හමුවූ පසුව මියගිය කොරෝනා ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු හදුනා ගැනීමය.

එම පුද්ගලයා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකු බව ද අනාවරණ වී ඇත.

මියගිය කොරෝනා ආසාදිතයා රෝහල්ගත කර ඇත්තේ ද අදාළ නාගරික මන්තී‍්‍රවරයා විසින් බව වාර්තා වේ.

වසා දමා ඇති ඩිවොස් පටුමගේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර එම පිරිසෙන් කිසිවෙකුටත් ඩිවෝස් පටුමගෙන් පිටතට පැමිනීමට හෝ වෙනත් ප‍්‍රදේශවලින් එම පටුමගට ඇතුළුවීම ද සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇත.

Related posts

මන්ත්‍රී ධූර 19ක් පුරප්පාඩු වී මන්ත්‍රීවරු 16 දෙනෙකු අලුතින් දිවුරුම් දුන්, ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාලයට අයත් වූ නවවෙනි පාර්ලිමේන්තුව

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

Editor O

IMF පිළිබඳ තීරණය 03දා

Mohamed Dilsad

Leave a Comment