දේශීය

කොරෝනා වෛරසයෙන් මිය ගිය සිව්වැන්නා ගැන තොරතුරු

(UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබේ.

58 හැවිරිදි ඔහු අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇත්තේ පසුගිය 16 වන දා බව සඳහන්.

පසුගිය දිනෙක සිය බිරිඳ සමඟ ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද අයි.ඞී.එච්. රෝහලේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලබා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

Related posts

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

අපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..

Mohamed Dilsad

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment