දේශීය

කොරෝනා වෛරසයෙන් මිය ගිය සිව්වැන්නා ගැන තොරතුරු

(UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබේ.

58 හැවිරිදි ඔහු අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇත්තේ පසුගිය 16 වන දා බව සඳහන්.

පසුගිය දිනෙක සිය බිරිඳ සමඟ ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද අයි.ඞී.එච්. රෝහලේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලබා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

Related posts

අනීතිකව පුද්ගලයන් සිරගත කරන්න මේක ඒකාධිපති රටක් නෙවෙයි” – සජිත්ගෙන් ‍චෝදනාවක්

Mohamed Dilsad

කොටියා ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment