දේශීය

කොරෝනා වෛරසයෙන් මිය ගිය සිව්වැන්නා ගැන තොරතුරු

(UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබේ.

58 හැවිරිදි ඔහු අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇත්තේ පසුගිය 16 වන දා බව සඳහන්.

පසුගිය දිනෙක සිය බිරිඳ සමඟ ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද අයි.ඞී.එච්. රෝහලේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලබා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

Related posts

අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

හඳුනානොගත් දියරයක් පානය කළ පස් දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

හඬ පටවල ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment