දේශීය

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

(UTV | කොළඹ) – ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම්, ජල බිල්පතේ තොරතුරු ඇතුළු සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැක.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටියි.

Related posts

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

කතරගම සුරාසැල් පිළිබඳ තීරණයක්

Editor O

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment