දේශීය

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

(UTV | කොළඹ) –  පසුගිය වසරේ තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර වාර්තාවක් කැදවන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

රජරට ප්‍රදේශයේ වන අලින් මියයෑම සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ (16) පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කළේය.

තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේ දී අමාත්‍යවරයා පවසා සිටියේ විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගන බවත්, එම සතුන්ගේ මරණයන්ට හේතු සොයා ගැනීම සඳහා ගතවන කාලය නිශ්චිතව කිව නොහැකි බවත්ය.

දිවයිනේ වන ජීවි පශු වෛද්‍යවරුන් සඳහා විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් සකසන බවත් ඉදිරියේ දී වනජීවී විශේෂඥ වෛද්‍යවරුන් හඳුන්වාදීමේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment