කලා

ඉන්දීය රූ රැජිනකටද කොරෝන ආසාදනය වේ

(UTV | කොළඹ ) – ” මිස් ඉන්දියා ” කිරූළ දිනාගත් නතාෂා සූරිද මේ වනවිට ” කොවිඩ් – 19 ” ආසාධිතයෙකු බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

” ලෝක රූපරාජිණි ” තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූ ඇය එම තරගයේ “හොඳම සිරුර” හා “හොඳම ඇඳුම් විලාසිතා” යන අංශ දෙකෙන්ම කිරුළ දිනා ගැනීමටද සමත් වූවාය.

දැනට මලයාලම් චිත්‍රපටයක් හා බොලිවුඩ් චිත්‍රපට තුනක් සඳහාද සිය රංගන දායකත්වය ලබාදී ඇති නතාෂා ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රියව ඇත්තේ මෝස්තර නිරූපිකාවක් ලෙසිනි.

කොරෝනා ආසාදනය වී තිබුනද නතාෂා අවධානම් තත්ත්වයේ පසු නොවන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

තවද ඇයගේ මිත්තණියට හා සහෝදරියටද මේ වනවිට කොරෝනා රෝගය වැළඳි ඇතැයි වාර්තා වෙයි.

Related posts

කංගනාට ජාතික සම්මානය දිනයි

Mohamed Dilsad

ශාරුක් ඛාන් නිවේදකයෙක් වෙයි

Mohamed Dilsad

සිද්ධාර්ත් සැත්කමක් සඳහා ලන්ඩන් නුවරට

Mohamed Dilsad

Leave a Comment