දේශීය

ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් භයානකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්

(UTV |කොළඹ )  –  ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පනවා ඇති සංචරන සීමාවන් තවදුරටත් තද කලයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ වන විට සමස්තයක් ලෙස සංචරන සීමාවන් 50% ක සීමාව නොඉක්මවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

එය 80% – 90% සීමාවකට පාලනය කිරීම අනිවාර්ය වේ.

එසේ නොකලහොත් මෙරට තත්ත්වය භයානක තත්ත්වයට යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය සෙසු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පැවතුනද එය උදම් ඇනීමට කාරණාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා දැනට රජය විසින් පවත්වාගෙන යන ලිහිල් ඇඳිරි නීති ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි  කරමින් සංචාරණ සීමාව අඩු කළ යුතු බවද ඔහු පැවසීය.

 

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කැසිනෝ ඇරඹීමට පෙර නියාමනයට ආයතනයක් හදන්න

Mohamed Dilsad

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තියයි

Editor O

Leave a Comment