දේශීය

කැසිනෝ ඇරඹීමට පෙර නියාමනයට ආයතනයක් හදන්න

(UTV | කොළඹ) – මෙරට කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ලයිසන් ලබා දීමට පෙර එම ව්‍යාපාර නියාමනයට ආයතනයක් පළමුවෙන් ස්ථාපිත කළ යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මුදල් ඇමතිවරයා විසින් කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ලයිසන් ලබා දීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කර ඇති යෝජනා පත්‍රය පිළිබඳ අද (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අද අපේ මේසේ උඩට තියලා තියෙනවා මේ කැසීනෝ ව්‍යාපාර ආරම්භ කරන්න අවසර දෙන්න. මේ කැසිනෝ එකේ ලයිසන් දෙන්න හදන්නේ මුදල් ඇමතිවරයා. ලෝකයේ කොහේවත් යහපාලනයක් තිබෙන රටවල් වල එහෙම කරන්නේ නෑ. කැසිනෝ රෙගියුලේටර් එකක් තිබෙනවා. මේක අපේ මුදල් කාරක සභාවකට ඇවිල්ලා මේක සම්මත කරන්න කියයි. ඇයි මේක දාන්නේ? මට සදාචාරය ගැන ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට කැසිනෝ පටන් ගන්න ඕනී නම් පටන් ගන්න. ඒත් පටන් ගන්න කලින් නියාමන අධිකාරියක් තියෙන්න ඕනී. කැසිනෝ එකට යන්න නම් ඩොලර් 100ක් ගෙවන්න ඕනී කියලා නීතියක් තිබුණා. ඔය කැසිනෝ කරන කිසිම කෙනෙක් ඩොලර් 100 ගත්තේ නෑ. ඒ වගේම ආදායම් බදු ලෙස ගෙව්වෙත් නෑ. අවසානයේ මිනිස්සුන්ට බදු ගහලා ඒ බදු සියල්ල වැඩි කරලා තියෙනවා. මම කියන්නේ මෙහෙම කරන්න එපා. කැසිනෝ දාන එකේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. කැසිනෝ දානවා නම් ඒවා නියාමනය කරන ආයතනයක් තිබෙන්න ඕනී. ඒ ආයතනයෙන් තමයි ලයිසන් දෙන්න ඕනී. සිංගප්පූරැව වගේ රටක 16දෙනෙකුගෙන් යුත් නියාමන අධිකාරියකින් තමයි කැසිනෝ ලයිසන් දෙන්නේ.

Related posts

බලය ගන්න පෙර, අධ්‍යාපනයට, සියයට 6%ක් අයවැයෙන් වෙන් කරනවා යැයි ආණ්ඩුව කියපු කතා පුස්සක් වෙලා – ලංකා ගුරු සංගමය

Editor O

මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ඩිජිටල් සේවා සඳහා සියයට 18%ක වැට් බද්දක්

Editor O

Leave a Comment