ක්‍රීඩා

ධනුෂ්ක ගැන හා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) – ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලයක් මෙසේ පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එසේම ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදුවූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව විමර්ශනය කරන බවත් එම සිදුවීම පිළිබඳව ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක්ව ඇති බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

වාර්තා වූ මෙම සිදුවීම් සමබන්ධයෙන් මෙම කමිටුව කණ්ඩායම් කළමනාකරුගෙන් වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනු ඇතැයිද ක්‍රිකට් ආයතනය පවසයි.

කමිටුවේ වාර්එතාව ඉදිරිපත් කිරීමෙන් පසු කිසියම් ක්‍රීඩකයෙක් වරදක් කර ඇති බවට තහවුරු වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

Related posts

තුන්වන තරඟයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක්

Mohamed Dilsad

LPL සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment