ක්‍රීඩා

ඔලිම්පික් උළෙලට දින නියම වෙයි

(UTV | ජපානය) – කොරෝනා ගෝලීය වසංගතය හමුවේ කල් දමනු ලැබු ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා නව දින අද ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ සභාපති යොෂිහිරෝ මෝරි සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් අතර අද පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි.

ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි 23 වනදා සිට අගෝස්තු 8 වනදා අවසන් වීමට නියමිතයි.

 

Related posts

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට

Mohamed Dilsad

තිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව තනතුරක්

Mohamed Dilsad

පාකිස්ථානය පරදා එංගලන්තය එක්දින තරඟාවලිය ජය ගනී

Mohamed Dilsad

Leave a Comment