දේශීය

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – දිවයිනේ සියලු විහාරස්ථානවල මහා සංඝරත්නය අප්‍රේල 01 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා දින 07ක කාලයක් දිනපතා රාත්‍රී 07.00 සිට රාත්‍රී 08.00 දක්වා ජනතාවට ආශිර්වාදය පිණිස යොමුවන ලෙස රජය ඉල්ලීමක් කරයි.

ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට දින 07 ක් දිනපතා රාත්‍රී 07.00 ට සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රතන සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්ක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය‍‍ මහා සංඝරතනයෙන් ඉල්ලා සිටියි.

ඉහත දිනවල එකම වේලාවට ආරම්භ කර එකම වේලාවට අවසන් කර රාත්‍රී 7.55ට සත්ක්‍රියාව සිද්ධ කිරීම තුළින් එය විශාල අධ්‍යාත්මික බලයක් වී අප රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව අපගේ විශ්වාස කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ගිහි ජනතාව ද රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙස රජය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක්  පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වයි

Mohamed Dilsad

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹෙයි.

Editor O

Leave a Comment