දේශීය

බෝ නොවන රෝග සඳහා සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග සඳහා රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙත දැනුම් දීමක් සිදු කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර ඉදිරි මාස 02 ක් සඳහා ඖෂධ එහිදී ලබා ගත හැකි බවයි.

පවතින අවදානම අවම කරගැනීම සඳහා රෝගී පුද්ගලයින් වෛද්‍ය සායනයට නොපැමිණ සිය සායන වාර්තාව සමග නිරෝගී පුද්ගලයෙකු එවා ඖෂධ ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

කිසියම් හේතුවක් මත නියමිත සායන දිනයේදී ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත් සතියේ ඕනෑම දිනකදී රෝහලේ බාහිර රෝගී අංශයෙන් නියමිත ඖෂධ ලබා ගත හැක.

 

Related posts

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

Leave a Comment