දේශීයව්‍යාපාරික

මෙරට තේ අපනයනය ඉහළ යයි

(UTV | කොළඹ) – පසුගිය අගෝස්තු මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 25.48ක් දක්වා 16%කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම, වසරේ මුල් මාස 08 තුළ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 187.57 දක්වා 8%කින් ඉහළ ගොස් ඇති බවයි ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තැරැව්කාර සමාඟම ප්‍රකාශ කළේ.

අගය අතින් සැලකූවිට අගෝස්තු මාසයේ තේ අපනයන ආදායම රුපියල් බිලියන 23.3සිට 22.6%ක්කින්න් වර්ධනය වී ඇති අතර, මුල් මාස 08 තුළ තේ අපනයන ආදායම රුපියල් බිලියන 174 දක්වා 16%කින් කින් වර්ධනය වී තිබෙනවා.

මෙරට තේ මිල දී ගත් රටවල් අතරින් ඉරාකයට මුල්තැන හිමි වී ඇති අතර, තුර්කිය සහ රුසියාවට දෙවන සහ තුන්වන ස්ථාන හිමි වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදු කළ තේ අපනයනය 203%කින් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට මෙරට තේ මිල දී ගන්නා සිව්වන රට බවට පත් වී අවසන්.

Related posts

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සිංහල අලුත් අවුරුද්දට පෙර රියැදුරු බලපත් ඔන්ලයින් ක්‍රමයට

Editor O

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇඟළුම්වලට ඇමෙරිකාවෙන් කොන්දේසි..?

Editor O

Leave a Comment