දේශීය

මෙරටදීම දැඩි සත්කාර ඒකක ඇදන් නිෂ්පාදන වැඩසටහනක්

(UTV |මීගමුව ) -රජය විසින් දිවයිනේ ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් මෙරට තුලදීම නිෂ්පාදනය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගය ජයගැනීම පිණිස මෙම ක්‍රියාවලිය දේශිය වශයෙන් ආරම්භ කර ඇත.

මීගමුව පුද්ගලික සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

රජය පවසන ආකාරයට මෙහි මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන සිදු කරයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

ලංගම රියදුරන්ගේ ස්ථාන මාරු අවලංගු කරයි

Mohamed Dilsad

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

Leave a Comment