දේශීය

මිය ගිය කොරෝනා ආසාදිතයාගේ අවසන් කටයුතු කිරීමට සූදානම්

(UTV |කොළඹ ) – කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කෙරෙන ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

ඒ අනුව ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ අවසන් කටයුතු සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණි.

ඒ කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මාරවිල ප්රරදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තාවේ.

Related posts

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

Mohamed Dilsad

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment