දේශීය

සෑම කොට්ඨාශයකම දිනකට එක් බැංකුවක් විවෘතයි

(UTV |කොළඹ ) – ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම එක් බැංකුවක් දිනකට නිශ්චිත පැය ගණනක් විවෘත කර තැබීමට අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ.

එහි ප්‍රධානි බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත.

මෙම සාකච්ඡාවට බැංකු හා මූල්‍ය කේෂත්‍ර සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින් එක්ව සිටියේය.

ජාත්‍යන්තර ගණුදෙනු සදහා සියලු වාණිජ බැංකුවල රාජකාරීය අඛන්ඩව පවත්වාගෙන යාම , චෙක්පත් නිශ්කාෂක කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම , ATM යන්ත්‍ර නිසි පරිදි පවත්වාගැනිම ,හා ATM ජංගම සේවා පැවැත්විමේ හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමුව තිබේ.

අවම සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් බැංකු ශාඛා වල සේවය අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී පුලුල් අවධානයක් යොමු වූ බව අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය සදහන් කළේය.

Related posts

විදුලිය කැපෙන වේලාවන් මෙන්න

Mohamed Dilsad

විදුලි සේවකයින්ගෙන් රජයට තර්ජනයක්

Mohamed Dilsad

ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

Editor O

Leave a Comment