දේශීයව්‍යාපාරික

දකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්

(UTV | කොළඹ) – සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් තම ගොවිපොලවල් පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයි දකුණු පළාතේ සත්ත්ව ගොවි පොල හිමියන් සඳහන් කරයි.

ඇඳිරි නීතිය නිසා සත්ත්ව ආහාරවල හිඟයක් ඇතිවි තිබෙන බවත් මේ තත්ත්වය වඩාත්ම බලපා ඇත්තේ කුකුළු ගොවි පොලවල් හිමියන්ට සහ ගව පට්ටි හිමියන්ට බවද ඔවුන් මැසිවිලි නගයි.

මේ පිළිබඳව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුනිල් කෙරමිණියගේ මහතා කියා සිටියේ සත්ත්ව ආහාරවල යම් හිඟයක් පවතින බවත් , ඇඳිරි නීතිය නිසා සත්ව ආහාරගෙන ඒමට කොළඹට යාමට නොහැකි වී තිබෙන බවද එයට අමතරව වී මොල් වසා ඇති බැවින් ගවයින්ට දෙන සහල් කුඩු සහ පුන්නක්කු ආදිය ලබා ගැනීමට අපහසු වී ඇති බවත්ය.

මේ හේතුවෙන් පොලිසිය සහ ප්‍රාදේශිය ලේකම්වරු සමග සාකච්ඡා කොට සත්ත්ව ආහාර ප්‍රවාහනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද සුනිල් කෙරමිණයගේ මහතා පැවසීය.

Related posts

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment