දේශීය

මැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්

(UTV | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොලේ එළවළු, පළතුරු සහ වෙනත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල සීමාවක් පනවා තිබේ.

හෙට (27) උදෑසන සිට තොග වෙළෙන්දන් විසින් සිල්ලර ජංගම වෙළෙන්දන් වෙත භාණ්ඩ අලෙවි කළ යුත්තේ අද තීරණය කරනු ලැබූ මිල ගණන් යටතේ පමණයි.

ඒ එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇති වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

බොහෝ එළවළු තොග ලෙස අලෙවි වූයේද, කිලෝග‍්‍රෑම් 01 ක් රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.

කෙසේවෙතත්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක කියා සිටියේ උපරිම මිල සීමාවන් යටතේ භාණ්ඩ අලෙවි නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Editor O

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment