දේශීය

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

(UTV|කොළඹ) – විදෙස් සංචාරකයෙකුට කිසියම් ගැටලූවක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් 1912 විශේෂිත දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ.

මේ වනවිට රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බවත ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙම කොරෝනා තත්වය හමුවේ මව් රට වලට යාමට නොහැකිව සංචාරකයින්  18,000කට වැඩි පිරිසක් මෙරට සිටින බවයි.

මේ වන විට රට තුළට ගුවන් ගමන් ඒම අත්හිටුවීමත් සමග ඔවුන් මෙම දුෂ්කරතාවයට මුහුණ පා සිටියි.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය එක්ව කටයුතු කරයි.

Related posts

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

Editor O

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment